Total Pageviews

Popular posts

 


ශක්‍යතා අධ්‍යයනය - පද්ධතිය සංවර්ධන සාර්ථක වීමට ව්‍යාපාරයේ දනට පවතන වපසරිය(පහසුකම්) විශ්ලේෂණය කිරීම මෙයට අයත් වේ

අවශ්‍යතා විශ්ලේෂණය - දියුණු කළ යුතු පද්ධ්‍තිතය් අවශ්‍යතාවන් හදුනාගෙන ඇති අතර, ක්‍රියාවට නංවා ඇති  ක්‍රියාවලිය හා ගබඩා කර ඇති දත්තයන් අනුව වර්තමාන ව්‍යාපාරික වපසරය  ආකෘතිකරණය කිරීම

 අවශ්‍යතා පිරිවිතිර - සවිස්තරාත්මක කාර්‍යබද්ධ හා කාර්‍යබද්ධ නොවන අවශ්‍යතා නිර්වචනය් කර අවශ්‍ය සැකසීම් හා දත්ත ගබඩා කිරීම්වලට නව ක්‍රියාදාම හදුන්වා දීම

තාර්කික පද්ධති පිරිවිතිර - තාක්ෂණික බාධ සැලකිල්ලට නොගෙන තර්කානුකූලව පද්ධතියක් සංවර්ධනය කිරීම

භෞතික නිර්මානය -  තාක්ෂණික බාධ සැලකිල්ලට ගෙන තාර්කික නිර්මාණය භෞතික සැලසුමක් බවට පරිණාමනය කිරීම

 

පද්ධති සංවර්ධන ජීවන චක්‍රය( SDLC)

තොරතුරු පද්ධතියක් ගොඩගැනීම ඉතා සංකිර්ණ විශාල කාලයක් හා පිරිවැයක් ද ගතවන අපහසු කාර්යයකි. එම සංකීර්ණතා අවම කරගනිමින් පද්ධතියක් නිර්මාණය කිරීමේදී අනුගමනය කලයුතු පියවර ආකෘතියක් හදුන්වා දී ඇති. එය පියවර 07කින් යුක්ත වේ.

අප ඉහතදී සාකච්ඡා කළ දියඇලි ආකෘතිය, සුල්‍යය ආකෘතිය වැනි තොරතුරු පද්ධති ආකෘති මෙම පියවර යටතේ ආකෘතිගත කර ඇති නමුත් ඒවායේ මෙම පියවරයන් යොදාගන්නා අවස්ථා අනුව ඒවා ඒ ආකාරයට එක් එක් නම් වලින් හදුන්වනු ලබයි.

දැන් මෙම එක් එක් පියවර පිලිබඳ සවිස්තරාත්මකව ඉගෙන ගනිමු.

1.පද්ධතිය හදුනා ගැනීම/විමර්ශනය.

නව පද්ධතියක් නිර්මාණය කරගැනීමට හෝ පවතින පද්ධතිය නවීකරණය කිරීමේදී අනුගමනය කරන පලමු පියවර මෙයයි. එනම් පද්ධතිය පිලිබඳ පූර්ණ අවබෝධයක් ලබාගනී. මෙය අංශ දෙකක් ඔස්සේ සිදුවේ.

1.මූලික විමර්ශනය.

2.ශක්‍යතා අධ්‍යයනය.

1.මූලික විමර්ශනය.

මෙහිදී දැනට පවතින පද්ධතියේ දුර්වලතා පිලිබඳවත් එනම් නව පද්ධතියක් නිර්මාණයට හේතු විය හැකි කාරණා හදුනාගනී.

එමෙන්ම එම ගැටලු මගහරවා ගැනීමට විකල්ප විසදුම් හා යෝජනා ඉදිරිපත් කිරීමත් වේ.

2.ශක්‍යතා අධ්‍යයනය.

පද්ධතිය නිර්මාණය සුදුසුද හා නිර්මාණය කිරීමට ආයතනය තුළ ඇති හැකියාවත් එය ආයතනයට කොතරම් දුරට ගැළපේද යන්න මෙහිදී අංශ කිහිපයක් යටතේ විස්තරාත්මකව විමර්ශනය්‍ය කරයි.

තාක්ෂණිකා ශක්‍යතාවය

ආර්ථික ශක්‍යතාවය

මෙහෙයුම් ශක්‍යතාවය

ආයතනික ශක්‍යතාවය

1. තාක්ෂණිකා ශක්‍යතාවය

නව පද්ධතියක් නිර්මාණය කරගැනීමේ දී  හෝ පවතින පද්ධතිය නවීකරණය කිරීමේදී සලකා බැලිය යුතු වැදගත් සාධක මොනවාද යන්න මෙහිදී විමර්ශන කරයි.

නිදසුන්. - ආයතනටේ තාක්ෂණික හැකියා හා දුර්වලතා

සංවර්ධනය කරන සේවකයන්ගේ හැකියා හා අත්දැකීම්


2.ආර්ථික ශක්‍යතාවය

පද්ධතිය සැකසීම සදහා වැයවන මුදල් ප්‍රමාණයන් හා ඒවා සපයාගන්නා ආකාරත් ඒ මගින් එනම් වැයකල මුදලට ලැබෙන ප්‍රතිලාභ පිලිබඳවත් සලකා බලයි.

වැයවන සමස්ථ පිරිවැයන් ප්‍රධාන කොටස් දෙකකට බෙදේ.

නිශ්චිතව දැරීමට සිදුවන පිරිවැය- එනම් දෘඪාංග ලබාගැනීමට , සේවකයන් සදහා ගෙවීමටවන වැටුප්,තාක්ෂණය යොදාගැනීමට වැයවන මුදල් යනාදියයි.

හා අවිනිශ්චිත පිරිවැයම් - සෘජුව හදුනා ගැනීමට නොහැකි පද්ධතිය සකසාගෙන යාමේදී ඇතිවන පිරිවැයන් මේ  නමින් ගැනේ. අතිකාල වැටුප් ගෙවීම්, නව කාර්ය මණ්ඩලය බදවා ගැනීමට වන පිරිවැයන් ආදිය.

මෙම පිරිවැයන් වලින් ලැබෙන ප්‍රතිලාභ ද වරග දෙකකට බෙදා දැක්විය හැකී.

නිශ්චිත ප්‍රතිලාභ - එනම් පද්ධතිය පිහිටුවීම මගින් ආයතනයේ පිරිවැය අඩු කර ගැනීමේ හැකියාව කෙතරම් ද යන්නයි. කාර්ය මණ්ඩලය,උපකරණ  අඩු කර ගැනීම හා ඉතිරි කරගැනීමට හැකිවීම.

නිශ්චිත නොවන ප්‍රතිලාභ  - තීරණ ගැනීමට පහසුවීම සේවාදායකයන්ට උසස් සේවාවක් සැපයීම, කීර්තිනාමය වර්ධනය වීම වැනි දේ නිසා ආයතනය දියුණුවට දායකත්වය ලැබීම්, ලාභය වර්ධනය වීම් මේ මගින් සලකා ලබයි.


3.මෙහෙයුම් ශක්‍යතාවය.

මෙහිදී නව පද්ධතිය ආයතනයේ මෙහෙයුම් ක්‍රියාවලියට යොදාගත හැකිද යන්න විමසා බලයි. කාර්ය මණ්ඩලය නව පද්ධතිය කෙරේ යොමු කර ගැනීමත්, ඇතිවිය හැකි ගැටලු පිලිබඳවත් සැලකිලිමත් වේ.


4.ආයතනික ශක්‍යතාවය.

නව පද්ධතිය පිලිබඳ ආයතන සේවකයන්ගේ ආකල්ප හා චර්‍යා අධ්‍යයනය කිරීමත් පද්ධතිය සංවිධානයේ උපායමාර්ගික අරමුණ ඉටුකර ගැනීමේදී උපකාරී වේද යන්නත් පිලිබඳ සලකා බලයි.

මෙම අංශ ඔස්සේ සිදුකරන ලබන ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් ආයතනයේ ඉහළ කලමනාකාරීත්වයට ඉදිරිපත් කලයුතුයි.  එහි පහත දෑ අඩංගු වේ.

ආයතනයේ දැනට පවතින පද්ධතියෙහි ගැටලු පිලිබඳ විස්තරයක්

නව පද්ධතිය දියුණු කිරීම ඇතුළත් සැලැස්මක්

නව පද්ධතිය ආයතනයට සුදුසුබව දැක්වෙන විස්තරයක්.

නව පද්ධතිය සංවර්ධනය සදහා ගතවන කාලය හා පිරිවැය පිලිබඳ ඇස්තමේන්තුවක්.

No comments

ict note in A/L

3/Technology ict note in A/L/post-list