Total Pageviews

Popular posts

මධ්‍යම සැකසුම් ඒකකයක් (CPU) නැතහොත් සකසනයක් යනු පරිගණක ක්‍රමලේඛ ක්‍රියා කරවිය හැකි තාර්කික යන්ත්‍රයකි. මෙම පුළුල් විග්‍රහය CPU පුළුල් ලෙස භාවිත වීමට පෙර විශාල ප්‍රමාණයෙන් පැවති මුල් පරිගණක රැසකටම පහසුවෙන් යෙදාගත හැකි වේ. අවම වශයෙන් 1960 දශකයේ පටන්වත් මෙම යෙදුම සහ එහි භාවිතයන් පරිගණක ක්ෂේත්‍රය තුළ භාවිත විය. CPU වල ආකාරය , නිර්මාණය හා ක්‍රියාත්මක කිරීම පෙර නිදසුන්වල සිට චමත්කාරජනක ලෙස වෙනස් වී ඇති නමුත් ඒවායේ මූලික ක්‍රියාකාරකම් බොහෝ දුරට සමාන ලෙස පවතී.

මුල් කාලීන CPU සාමාන්‍යයෙන් එක් වර්ගයක පරිගණකයකට වූ විශාල කොටසක් ලෙස නිර්මාණය කෙරුණි. කෙසේ නමුත් විශේෂ අවශ්‍යතා සඳහා භාවිතාවන CPU නිර්මාණය කිරීමේ ‍මෙම මිළ අධික ක්‍රමය තනි හෝ වඩා වැඩි අරමුණු සදහා සුදුසු වන සැකසුම් (Processors) නිෂ්පාදනය පුළුල් වීමට මාර්ගය සැකසුවේය. විවික්ත ට්‍රාන්සිස්ටරසුපිරි පරිගණක සහ මිනි පරිගණක යුගයේ ක්‍රමයෙන් මෙම ප්‍රමතකරණ ක්‍රියාදාමය ආරම්භ වූ අතර සංගෘහිත පරිපථ ප්‍රචලිත වීමත් සමඟ එය වඩාත් සීඝ්‍ර තත්වයට පත් විය. CPU වල කුඩාකරණය හා ප්‍රමිතිකරණය යන දෙක, ගණනය කිරීමේ යන්ත්‍රවල සීමාකාරී භාවිතයෙන් පිටතට ගොස් නවීන ජීවිතයේ මෙම අංකිත උපකරණ භාවිතා කිරීම වර්ධනය කර තිබේ. නවීන ක්ෂුද්‍ර සකසනය (Micro Processor) මෝටර් රියවල සිට ජංගම දුරකතන හා සෙල්ලම් බඩු දක්වා වූ සෑම දේකම භාවිතා වේ.

No comments

ict note in A/L

3/Technology ict note in A/L/post-list