Total Pageviews

Popular posts




 

1.කාර්‍යාලීය ස්වයංක්‍රීයකරන පද්ධති(Office automation system)

 කාර්‍යාල කටයුතු ස්වයංක්‍රීයව කරගැනීම තුළින් කාර්යක්ෂමතාව හා නිරවද්‍යතාව ඉහල නංවා ගැනීම මූලික අරමුණ වන මෙම පද්ධති විද්‍යුත් ප්‍රකාශන පද්ධති(word, excel, power point, graphics) හා විද්‍යුත් සන්නිවේදන පද්ධතිවලින්(email, skype) සමන්විත වේ. මෙහෙයුම් මට්ටමේ සිටින දත්ත(ලිපිකරුවන්,පරිගනක ක්‍රියාකරුවන්)  විසින් භාවිත කරයි.

2. ගනුදෙනු සැකසුම් පද්ධති(Transaction processing system)

මෙහෙයුම් මට්ටමේදී එනම් ගනුදෙනුකරු වන් සමග සම්බන්ධ වෙමින් ආයතන සේවකයන් කටයුතු කිරීමේදී එම කාර්යන් පහසු හා ස්වයංක්‍රීය කරගැනීම සදහා මෙම පද්ධති භාවිත කරයි.

උදාහරණ

 වෙළෙඳසැලක බිල්පත් නිකුත් කිරීම.

චෙක්පත් නිශ්කාෂන පද්ධති

ගිනුම් සැකසුම් පද්ධති

බැංකු ගනුදෙනු

සේවකයන්ගේ වැටුප් සැකසුම්

ඇණවුම් සැකසුමේ කටයුතු.

මෙහිදී දත්ත සැකසීම කාණ්ඩ හා තත්කාලීන ලෙස ආකාර දෙකකට සිදුවේ.

ආයතනයක කටයුතු කාර්යක්ෂමතා කරගැනීම සදහා මෙම පද්ධතිය දායකත්වය සපයයි.


3. කලමණාකරන තොරතුරු පද්ධති(Management information system)

කලමනාකරුවන්ට තීරණ ගැනීමට,සැලසුම් ක්‍රියාවලිය පාලනයට අවශ්‍ය දිනපතා කරන වැඩ පිළිබද සාරාංශ ගත  තොරතුරු සපයන පද්ධතින් වේ. වාර්ශික වාර්තා,විශ්ලේෂණ, සැසදීම් ප්‍රතිකා වගු,ප්‍රස්ථාර ආදිය ඇතුළත් කරමින් මෙහෙයුම් මට්ටමේ පරිශීලකයන්ට මෙම තොරතුරු පද්ධතියෙන් තොරතුරු ලබාදේ.

මෙම පද්ධතියේ සැකසුම්වලට අවශ්‍ය තොරතුරු ලබදෙන්නේ ගනුදෙනු සැකසුම් පද්ධතිය මගිනි.

4. තීරණ සහායක පද්ධති(Decision support system)

කලමනාකරුවන්ට නවීන විශ්ලේෂන මගින් ව්‍යුහගත හා අර්ධ  ව්‍යුහගත තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු ලබාදෙන්නෙ මෙම පද්ධතිය මගිනි. එනම් පෙර සැකසුමකට අනුව ගත හැකි තීරණ

උදාහරණ ලෙස. තොග පාලන මට්ටම් පිලිබඳ තීරන, ආයෝජන පිලිබඳ තීරණ


05.විධායක සහාය පද්ධති(Executive support system)

අග්‍ර කලමනාකරුවන්ට ආයතනයේ අනාගතය පිලිබඳ ඉතා වැදගත් ව්‍යුහගත නොවන තීරණ ගැනීම සදහා අවශ්‍ය තොරතුරු සපයන පද්ධති මේ නමින් හදුන්වයි. උපාය මාර්ගික මට්ටමේ එනම් අයිතිකරුවන් වැනි අය භාවිත කරයි.

6.භූගෝලීය තොරතුරු පද්ධති(Geographic information system)

භූගෝලීය දත්ත ලබාදීමට හා ඒවා ගබඩාකර තබා ගැනීමටත් සකසා විශ්ලේෂණය කිරීමටත් ආදී කාර්යයන් කිරීමට සකස් කර ඇති තොරතුරු පද්ධතියි. උදාහරණ ලෙස කාලගුණ අනාවැකි කියන පද්ධති,සිතියම් නිර්මාණය වැනි පද්ධති

7.දැනුම් කලමනාකරණ පද්ධති(Knowledge management system)

ආයතනයක කාර්යයන් සදහා අවශ්‍යවන නව දැනුම ලබාගැනීම හා ඒවා ගබඩා කරගැනීමට දියුණු කරගැනීමට සන්නිවේදනය කිරීමට ආදී කටයුතු සදහා දායකත්වය ලබාදේ. මේ මගින් ආයතනයක කටයුතු නවීන හා කාර්යක්ෂම කරගැනීමට උදවු වේ.


8.අන්තර්ගත කලමනාකරණ පද්ධති(Content management system)

අංකිත දත්ත නිර්මාණය හා නවීකරණය කිරීම ස්දහා සකසා ඇති පරිගනක යෙදුමකි.

මේ මගින් වන්නේ කිසියම් කාර්යයකට අදාළව අඩංගු කර ඇති උපදෙස්වලට අනුව අදාළ වෙනස් කිරීම් ස්වයංක්‍රීයව සිදුකිරීමයි. උදාහරණ ලෙස වෙබ් අඩවියක නව පිටු එකතු කිරීම්,නවීකරණය කිරීම් ආදිය එය සැකසීමට දායක වූ අයගේ මැදිහත් වීමකින් තොරව එම වෙබ් අඩවිය මිලදීගත් පුද්ගලයාටම කර ගැනීමට හැකිවන ලෙස පහසුකම් සලසා ඇති පද්ධතියක්. (වෙබ් පාදක ප්‍රකාශනය). මෙම පද්ධති අන්තර්ගතය සහ ඉදිරිපත් කිරීම වෙන් කිරීම සදහා සහාය වේ.


9.ව්‍යවසාය සම්පත් සැලසුම් පද්ධති(Enterprise resource planning system)

සංවිධනවලට ව්‍යාපාර කලමණාකරනය සදහා ඒකාබද්ධ එනම් එකිනෙකට සම්බන්ධ වූ යෙදුම් භාවිත කිරීමට ඉඩ සලසන පද්දතියකි.මේ මගින් කාර්යාලයක කාර්‍යයන් හා මානව  සම්පත ස්වයංක්‍රීය කරයි.නිශ්පාදන,සැලසුම්,සංංවර්ධන,අලවිකරනයන් වැනි සියලුම දෑ එකාබද්ධ කරයි.


10.විශේෂඥ පද්ධති(Expert system)

කිසියම් ක්ෂේත්‍රයකට අදාළ දැනුම පළමුව පරිගණකයට ඇතුළු කොට ඉන්පසුව පුද්ගලයකුට තම අවශ්‍යතාව අනුව එම පද්ධතියෙන් දැනුම,තීරණ,උපදෙස් ලබාගත හැකි ලෙස සකසා ඇති පද්ධති වේ. මෙහිදී කෘත්‍රිම බුද්ධියක් පරිගණකය සදහා ආරෝපණය කර ඇත.

මෙවැනි පද්ධතියක් කොටස් 03කින් සමන්විතය.

දැනුම් ගබඩාව.

පරිශීලක අතුරු මුහුණත.

අනුමාන යන්ත්‍රය.

පරිශීලක අතුරු මුහුණක හරහා පරිශීලකයා ඇතුළත් කරන යම් ගැටලුවකට අදාළ විසදුම්,උපදෙස් දැනුම් ගබඩාවෙන් පිරික්සා අනුමාන යන්ත්‍රය විසින් ලබාදේ.

උදාහරණයක් ලෙස සාමාන්‍ය වෛද්‍යවරුන් තම රෝගීන් පරීක්ෂා කිරීමේදී විශේෂඥ  වෛද්‍යවරුන්ගේ දැනුම ඇතුළත් විශේෂඥ පද්ධතියක උපදෙස් ලබාගැනීම.

No comments

ict note in A/L

3/Technology ict note in A/L/post-list