Total Pageviews

Popular posts

1 සසම්භවි ප්‍රවේශ මතකය (RAM)





මෙය පරිගණකයේ ප්‍රධාන මතකය(main memory) ලෙසද හදුන්වනු ලැබේ. එලෙසම මෙයට ලියන/ කියන(read/write) මතකය ලෙසද හඳුන්වනු ලබනවා. එනම් මෙහි මතක කෝෂයක (a cell) එක් අවස්ථාවක පැවතිය හැක්කේ ලිවීම් හෝ කියවීම යන අවස්ථා ( state) දෙකෙන් එකක් පමණි.එය පහත රූප සටහන් මගින් මානව පැහැදිලිවේ යැයි මම සිතමි.


මෙම මතකයේ මුලිකම කාර්යය වනුයේ පරිගනකයේ මධ්‍ය සැලසුම් ඒකකය (CPU) යම් කාර්යයන් සිදුකිරීම සඳහා අවශ්‍ය වන පද්ධති මෘදුකාංග (system software), යෙදුම් මෘදුකාංග (application software) සහ අනෙකුත් අවශ්‍ය දත්ත රඳවා තබා ගැනීම වේ. මෙහි සුවිශේෂී ලක්ෂණය වන්නේ සැලසුම් ඒකකයට  (CPU)  ප්‍රධාන මතකයේ (main memory) ඇති දෑ කෙලින්ම ප්‍රවේශ කර ගැනීමට හැකියාවක් තිබීමය. මේ සඳහා එක් එක් දත්ත ගබඩා  වූ ස්ථානයේ මතක ලිපිනය (memory address) යොදා ගනු ලබනවා.  එලෙසම සකසනය (CPU) මෙම මතකයේ ඕනෑම තැනකින් කෙලින්ම දත්ත ප්‍රවේශ කරගනු ලබන අතර ඒ සඳහා විශේෂිත වූ පිළිවෙලක් අවශ්‍ය නොවේ. ඒ නිසා මෙම මතකය සසම්භාවී (Random) ප්‍රවේශ (Access) මතකය (Memory) ලෙස හනුන්වනු ලබනවා.


මෙම සසම්භාවී ප්‍රවේශ මතකය වේගවත් (fast) වනවා සේම ඒවාට විවිධ වූ ධාරිතා (capacity) ඇත.උදාහරණයක් ලෙස 4GB ,2GB ධාරිතාවක් සහිත සසම්භාවී ප්‍රවේශ මතකයන්.(4GB, 2GB RAM)


තවදුරටත් විස්තර කළහොත් මෙම සසම්භාවී ප්‍රවේශ මතක වර්ග දෙකකින් ලබා ගත හැක. ඒවා නම් ,


     ගතික සසම්භාවී ප්‍රවේශ මතක (DRAM)  

   ස්ථීතික සසම්භාවී ප්‍රවේශ මතක (SRAM)                  ලෙස වේ.


මීළඟට මෙම සසම්භාවී මතක වර්ගයන් පිළිබඳව විමසමු.


*ගතික සසම්භාවී ප්‍රවේශ මතකය (Dynamic Random Access Memory=DRAM)*


මෙය නුතන පරිගණක වල සුලබව දක්නට ලැබෙන මතක වර්ගයකි. මෙහි එක් බිටුවක් (1bit) ගබඩා කරනවා යනු එහි ඇති ධරිත්‍රකයක් (capacitor) යම් වෝල්ටීයතාවයකට ආරෝපණය(charge) කිරීම වේ. .එය ධාරිත්‍රරකයක් නිසා එම වෝල්ටීයතාව නිතර විමෝචනයට (discharge) ලක් වීම සිදු වේ. මෙය එක්තරා අවාසිදායක තත්වයක් වනුයේ මෙම මතක වල තැන්පත් කර ඇති කුමන හෝ දත්ත නිරන්තරයෙන් පුබුදු කිරීමක් (refresh) සිදු කල යුතු නිසාවෙනි.එමනිසා මෙම මතකයේ පුබුදු කිරීම (refresh) සඳහා වූ සුවිශේෂී පරිපථයක්ද(circuit) දැකගත හැක.


මෙය ස්ථීතික සසම්භාවී ප්‍රවේශ මතකයට (SRAM) වඩා මිලෙන් අඩු වන අතරම වේගයෙන්ද අඩු (slow)වේ.එලෙසම එක බිටුවක් (1bit) ගබඩා කිරීම සඳහා වැයවෙන විදුලියද අඩු වේ(smaller per bit). නමුත් මෙහි දත්ත ඝනත්වය(size per bit) සාපේක්ෂව වැඩි වේ.


උදා: ප්‍රධාන මතකය ( RAM )


*ස්ථීතික සසම්භාවී ප්‍රවේශ මතක (Static Random Access Memory)*


මෙය ගතික සසම්භාවී ප්‍රවේශ මතකයේ මෙන් නොව මතකයන් ගබඩා කර තබනුයේ ඇරෙන/වැසෙන ස්විච් (on/off switch) තුල වේ. එම නිසා මෙහි කිසිඳු වෝල්ටීයතා විමොචන්යක්(discharge) සිදු නොවන අතර අමතර පුබුදු කිරීමේ පරිපථයක් (refresh circuit) මෙම මතක්යන්ට අවශ්‍ය නොවේ.නමුත් මෙයට සංකීර්ණ පරිපථ නිර්මාණයක් පවතී. එලෙසම මෙය ගතික සසම්භාවී ප්‍රවේශ මතකයට (DRAM) වඩා මිලෙන් අදික වන අතර එක බිටුවක් සඳහා වැයවන බලයද වැඩි වේ(larger per bit). ඒවාගේම මෙහි දත්ත ඝනත්වයද(size per bit) සාපේක්ෂව අඩු වේ.කෙසේ නමුත් මෙහි වාසියක් ලෙස ගතික සසම්භාවී ප්‍රවේශ මතකයට(DRAM) වාඩා වේගවත් බව (fast)  වැඩි වීම ලෙස හැදින්විය හැක.


උදා: සංචිත මතකය(cache memory)


ඉහත කරුණු අනුව ඔබට පැහැදිලි වෙනවා ඇති ස්ථීතික සසම්භාවී ප්‍රවේශ මතකයෙහි (SRAM) දත්ත ඝනත්වය  ගතික සසම්භාවී ප්‍රවේශ මතකයේ (DRAM) දත්ත ඝනත්වයට(size per bit) වාඩා අඩු බව. එලෙසම ස්ථීතික සසම්භාවී ප්‍රවේශ මතකය භාවිත නොකරන විට විදුලි බලය භාවිතය අවම වන නිසා ගතික මතක වර්ගයට වාඩා සකසනයේ (CPU) ඇති සංචිත මතක (cache memory) සඳහා වඩාත් හොඳ තොර ගැනීමක් ලෙස ස්ථීතික මතක දැක්විය හැක.


අනෙක් අතට ගතික මතක වල දත්ත ඝනත්වය වැඩි නිසා ප්‍රධාන මතකයට (main memory) එය වඩාත් උචිත වේ.


2. රෙජිස්තර මතකය ( Register memory )


 පරිගනකය තුල පවතින ඉතා කුඩාම ධාරිතාවකින් යුක්ත මතකය රෙජිස්තර මතකය වේ. මෙම මතකයේ ඇති දත්ත වෙනත් ඕනෑම තැනක ඇති දත්ත වලට වඩා ඉතා වේගයෙන් සකසනයට(CPU) ප්‍රවේශ කර ගත හැක. එබැවින් මෙය පරිගනකයේ පවතින වේගවත්ම මතකය ලෙස හදුන්වනු අතරම මෙය මතක ධුරාවලියේ ඉහලින්ම පිහිටන මතකය වේ. මෙහි මිල පිළිබඳව විමසු විට පරිගණකයේ මිල අධිකම මතකය ලෙසද හැදින්විය හැක.


 


 


3. සංචිත මතකය ( Cache memory )


 සංචිත මතකය මතක ධුරාවලියේ ඉහල සිට දෙවන ස්ථානයේ පවතී. එනම් එයට රෙජිස්තර මතකයට වඩා වැඩි ධාරිතාවක්ද ප්‍රධාන මතකයට වඩා අඩු ධාරිතාවක්ද පවතින බවය. එලෙසම රෙජිස්තර මතකයට වඩා අඩු වේගයක්ද ප්‍රධාන මතකයට වඩා වැඩි වේගයකින් යුක්තව නිර්මාණය වී ඇති බවය. සංචිත මතකයක් පරිගනකයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය වන්නේ ඇයි? එයට හේතුව නම් මෙසේය. 

No comments

ict note in A/L

3/Technology ict note in A/L/post-list