Total Pageviews

Popular posts

 


පද්ධති සංවර්ධනය ජීවන චක්‍ර ආකෘති

පද්ධතියක් සංවර්ධනය කිරීමේදී එනම් නිර්මාණය කිරීමේදී අනුගමනය කල යුතු කාර්යයන් අප පහතදී කතා කිරීමට නියමිතය. ඒ ලෙසට එම කාර්යයන් අනුගමනය කරන ආකාරය අනුව ආකෘති ගණනාවක් හරහා පද්ධතියක් නිර්මාණය කල හැකියි.

1.දියඇලි සංවර්ධන ආකෘතිය(waterfall model)

2.සර්පිල ආකෘතිය (spiral model)

3.සුචල්‍ය ආකෘතිය (agile model)

4.මූලාකෘතිකරනය.(prototyping)

5.සීග්‍ර යෙදවුම් සංවර්ධන ආකෘතිය(rapid application development model)


1.දියඇලි සංවර්ධන ආකෘතිය(waterfall model)

තොරතුරු පද්ධතියක් නිර්මාණය කිරීම පියවරින් පියවර අනුක්‍රමික ලෙස කල යුතු ආකාරය පෙන්වා ඇති ආකෘතියක් මේ නමින් හැදින්වේ. මෙහිදී එක් පියවරක් සම්පූර්ණයෙන්ම අවසන් කර ඊලඟ පියවරට යා යුතුයි.එක් පියවරක ප්‍රතිදානය ඊලඟ පියවරට ගලා යයි. මෙම ආකෘතිය මුලින්ම ඉදිරිපත් කරනු ලෑබුයේ W.W.Royce විසිනි.

මෙම ආකෘතිය භාවිත කරන අවස්ථා

කාර්යබද්ධ අවශ්‍යතා(එනම් පද්ධතියෙන් ඉටුවිය යුතු අනිවාර්ය දෑ)නිරවුල් පැහැදිලි හා ස්ථාවර වෙනස් නොවන පද්ධතින් නිර්මාණයට.

සරල පද්ධතින් නිර්මාණයට

නිර්මාණ කාර්ය සදහා වැඩි කාලයක් පවතින විට.

මූලික පියවර

ගැටලුව විශ්ලේෂණය

එනම් පද්ධති අවශ්‍යතා හදුනා ගැනීම හා ඒවා විශ්ලේෂණය කිරීමෙ කටයුතු

පද්ධතිය සැලසුම් කිරීම.

යෝජිත පද්ධතිය සකසන ආකාරය පිලිබඳ සැලසුමක් සකසයි.

පද්ධතිය ගොඩනැංවීම.

සැකසුමට අනුව මෘදුකාංග පද්ධතිය පරිගණක භාෂාවක් උපයෝගී කරගෙන සංවර්ධනය කරයි.

පද්ධතිය පරීක්ෂාව.

සංවර්ධනය කල පද්ධතිය නිවැරදි අයුරින් ක්‍රියාත්මක වේද යන්න පරීක්ෂා කරයි.

පද්ධතිය ස්ථාපිත කිරිම.

එනම් නිර්මාණය කළ නව පද්ධතිය ආයතනයේ කාර්ය වලට ඇතුළත් කර භාවිත කිරීමට අවස්ථාව සලසා දීමයි.

පද්ධතිය පවත්වාගෙන යාම.

පද්ධතිය භාවිත කිරීමේදී කල යුතු වෙනස් කිරීම, නවීකරණය කිරීම්, යාවත්කාලීනයන් ආදී දෑ සිදුකරයි.


දියඇලි සංවර්ධනය ආකෘතියේ වාසි.

පියවරෙන් පියවර සංවර්ධනය සිදුකිරීම නිසා දෝෂයක් සිදුවුවහොත් ඊලඟ පියවරට යාමට පෙර එය නිවැරදි කරගැනීමේ හැකියාව ඇත.

ඉතා පහසුවෙන් නිර්මාණය කළ හැකී.

පියවරෙන් පියවර කරන දෑ ලේඛනගත කිරීම නිසා අලුතින් පැමිණෙන අයට වුවද නැවැත්වූ ස්ථානයේ සිට පහසුවෙන් නැවත වැඩ ඇරඹීය හැකී.

කාර්යන් එකිනෙක මිශ්‍ර වීමක් සිදුනොවේ.

අවාසි.

සමහර අවස්ථා වලදී සේවාදායකයාට කාර්යබද්ධ අවශ්‍යතා ‍සියල්ල මුලින්ම පැවසිය නොහැකි නිසා අවසන් පද්ධතියේ කාර්යබද්ධ අවශ්‍යතා සියල්ල අඩංගු නොවිය හැකී.

වැඩකරම තත්වයේ මෘදුකාංග පද්ධතියක් දැකගැනීමට වැඩි කාලයක් ගතවේ.

පියවරයන් අනුක්‍රමික ලෙසම සිදුවන පද්ධති සැබෑ ලොකයේ සිදුවීම අඩු නිසා ප්‍රායෝගිකව යොදාගැනිමේ අපහසුව.


සර්පිල ආකෘතිය (spiral model)

පුනරාවර්ති(නැවත නැවත සිදුවන) හා අනුක්‍රමික, රේඛීය(පියවරෙන් පියවර සිදුවන) ආකෘතිවල එකතුවකි.අවධානම් ඉතා ඉහළ තොරතුරු පද්ධති නිර්මාණයට සුදුසු වේ. සෑම අවස්ථාවකදීම වගේ මූලාකෘතියක් හරහා කාර්යබද්ධ අවශ්‍යතා හදුනාගැනීමටත් අවදානම් හදුනාගැනීමටත් වැඩි අවධානයක් යොමුකෙරේ.

සර්පිල ආකෘතිය වඩාත් සුදුසු අවස්ථා

අවධානම් ඉතා ඉහළ තොරතුරු පද්ධති නිර්මාණයට

කාර්‍යනද්ධ අවශ්‍යතා සේවාදායකයන්ට නිවැරදිව ඉදිරිපත් කිරීමට නොහැකි අවස්ථාවලදී.

වාසි

කාර්‍යනද්ධ අවශ්‍යතා නිවැරදිව යොදාගැනීමට හැකිවේ.

මූලාකෘතියක් මගින් පද්ධතිය පිලිබඳ පෙර දැක්මක් ඇතිකරන නිසා සේවාදායකයාට පද්ධතිය පිලිබඳ මූලික අවබෝධයක් ලැබීම.

පද්ධතිය කොටස් කොට අවධානම් වඩා වැඩි අංශ කෙරේ වඩාත් අවදානයක් යොමු කල හැකිවීම.

අවාසි.

සංකිර්ණ හා පාලනය අපහසු ආකෘතියකි.

ප්‍රමාණාත්මකව කුඩා හා අවධානම අඩු පද්ධති සංවර්ධනය සදහා සුදුසු නොවීම.

No comments

ict note in A/L

3/Technology ict note in A/L/post-list