Total Pageviews

Popular posts



 

සුචල්‍ය ආකෘතිය

අවශ්‍යතාවන් වෙනස්වන පද්ධති නිර්මාණය සදහා මෙම ආකෘතිය සුදුසු වේ. පද්ධතිය සකසාගෙන යන අතරතුරදී කාර්යබද්ධ අවශ්‍යතා හදුනාගෙන පද්ධතිය සංවර්ධනය කිරීම මෙහිදී සිදුවේ.

වාසි

පද්ධතිය පිලිබඳ සේවාදායකයාට මුල සිටම අදහසක් ලැබීම.

කාර්යබද්ධ අවශ්‍යතා හදුනාගනිමින් නැවත නැවත සංවර්ධනය සිදුකිරීම නිසා පරිශීලක අවශ්‍යතා නිසිපරිදි පද්ධතිය තුළ අඩංගු වීම.

මූලාකෘතිකරනය.

සංවර්ධනය කරනු ලබන පද්ධතිය පිලිබඳ දළ ආකෘතියක් එනම් ක්‍රියාකාරී අනුරූපයක්(සම්පුර්ණ ක්‍රියාකාරිත්වය පෙන්නුම් නොකෙරේ) ලබා දෙමින් පරිශීලක අවශ්‍යතා,අදහස් හදුනාගෙන නිර්මාණය කරනු ලබන පද්ධති ආකෘතිය මෙය වේ.

වාසි.

පද්ධතිය පිලිබඳ සේවාදායකයාට,පරිශිලකයට ආරම්භයේ සිටම අදහසක් ලැබීම.

පරිශිලක අදහස්, යෝජනා දැනගැනීමට හැකියාව.

කාර්යබද්ධ අවශ්‍යතා මැනවින් හදුනාගෙන ඒවා පද්ධතියට ඇතුළු කර ගැනීමට හැකිවීම.

සීග්‍ර යෙදවුම් සංවර්ධන ආකෘතිය.

සංවර්ධනය කරන කාර්යට වැඩි අවදානයක් යොමු කරමින් ඉතාම කෙටි කාලයක් තුළ පද්ධතිය සකසා නිම කිරීමට භාවිත කරන ආකෘතියකි. එනම් සැලසුම් කාර්ය සදහා වැඩි කාලයක්,අවදානයක් වැය නොකෙරේ.

කාර්ය බද්ධ අවශ්‍යතා හදුනාගත් පසු මූලාකෘතියක් පරිශීලකට පෙන්වා අදහස් ලබාගෙන අවසාන දක්වාම එය සංවර්ධනය කරගෙන යයි.

වාසි.

තොරතුරු පද්ධතිය සැකසීම ඉතා අඩු කාලයකින් සිදුකල හැකී.

පරිශීලක අදහස් හා යෝජනා සංවර්ධනය කරන පද්ධතියට නිතර නිතර ඇතුළත් කල හැකිවීම නිසා අවශ්‍යතා නිසිපරිදි ඉටු වේ.

අවසි.

සේවක පිරිස් ප්‍රමාණාත්මක නොවීම, තාක්ෂානික දැනුම ප්‍රමාණවත් නොවීම වැනි දෑ මත පද්ධතිය සංවර්ධනය අවදානම් වීම.

සංවර්ධන කණ්ඩායමේ හැකියාව, දැනුම,පළපුරුද්ද මත අවසාන නිර්මාණයේ(පද්ධතියේ) සාර්ථකභාවය රදා පැවතීම.

පද්ධති සංවර්ධන ක්‍රමවේද(system development methodology)

තොරතුරු පද්ධතියක් නිර්මාණය කිරීමේදී ඊට අදාල කටයුතු සිදුකරන ආකර පද්ධතිය සංවර්ධන ක්‍රමවේද ලෙස හැදින්වේ.

1.ව්‍යුහගත ක්‍රමවේදය.

2.වස්තු නැබුරු ක්‍රමවේදය.

.ව්‍යුහගත ක්‍රමවේදය

තොරතුරු පද්ධතියක් නිර්මාණය කිරීම  සරලව කොටස්වලට බෙදා අදියරයෙන් අදියර සිදුකිරීම මෙම ක්‍රමවේදයේ විශේෂත්වයයි.මෙය තොරතුරු පද්ධතියක් නිර්මාණයේ සාම්ප්‍රදායික ක්‍රමවේදයකි. එලෙස පද්ධතියක් නිර්මාණය කිරීමේදී පද්ධතිය පහත ආකාරයට කොටස් කිහිපයකට බෙදේ.

1.මොඩියුල(Module)

2.අදියර (stage)

3.පියවර (steps)

4.කාර්යයන්(tasks)

දියඇලි ආකෘතිය මෙයට උදාහරණයක් ලෙස දැක්විය හැකි අතර සීග්‍ර යෙදවුම් ආකෘතිය මෙම ක්‍රමවේදයට අනුකූල නොවේ. ඒ එම ආකෘතියේදී සෑම පියවරක්ම සමාන්තරව සිදුවීමයි. එනම් එක් කාර්යයක් වන විටදීම අනිත් කාර්යය සිදුවීම.

මෙම ක්‍රමවේදයේ වාසි.

මෘදුකාංග පද්ධතිය සංවර්ධනයේ කලමනාකරණය හා පාලනය පහසුවීම.

අත්දැකීම් නොමැති සේවකයන් වුවද පුහුණු කර කාර්යක්ෂමව යොදාගත හැකිවීම.

ගුණාත්මකබවින් ඉහළ පද්ධති නිර්මාණයට භාවිත කළහැකියි.

කාර්ය මණ්ඩලයේ අඩුවීමක් හෝ ඉවත් වීමක් සිදුවූවොත් නැවැත්වූ තැනසිට නැවත කරගෙන  යා හැකී.

No comments

ict note in A/L

3/Technology ict note in A/L/post-list