Total Pageviews

Popular posts

 


මූලාකෘතිය.

පද්ධතියක අඩංගු කලයුතු අවශ්‍යතා ආයතනය මගින් කලින් හදුනාගැනීමට නොහැකි අවස්තාවලිදී පද්ධතියේ ක්‍රියාකාරිත්වය දැක්වෙන මූලාකෘති සකස් කොට ඒවා සේවාදායකයන්ට පෙන්වා ඔවුන්ගේ අදහස් හා යෝජනා මත අවශ්‍යතා හදුනාගැනීමට ක්‍රියා කිරීමයි.

විශ්ලේෂක මෙවලම්.

පද්ධතිය සංවර්ධනයේදී  කාර්යබද්ධ අවශ්‍යතා මැනවින් හදුනාගැනීමට හා එම අවශ්‍යතා පද්ධතිය තුළ ක්‍රියාත්මකවන අයුරු පෙන්නුම් කරනු ලබන ආකෘති විශ්ලේෂක මෙවලම් ලෙස හැදින්වේ. ඒවා වර්ග කිහිපයකින් පවතී.

ව්‍යාපාර ක්‍රියාකාරකම් ආකෘතිකරනය. (Business activity model)

දත්ත ගැලීම් ආකෘතිකරනය. (Data flow)

ව්‍යාපාර ක්‍රියාකාරකම් ආකෘතිකරනය. (Business activity model)

පද්ධතියක සිදුවන මූලික ක්‍රියාවන් හදුනාගැනීමට මෙම විශ්ලේෂණ රූප සටහන උපයෝගී වේ.  පද්ධතිය තුළ පද්ධතියේ දත්ත යොදාගනිමින් සිදුවන ක්‍රියාවන් පද්ධතිය තුළ නිරූපණය කරයි. මෙමගින් පද්ධතියේ විෂය පථය සම්පූර්ණයෙන්ම හදුනාගත් බවට සේවාදායකයාට තහවුරු කරයි.

BAM අදින පියවර

පද්ධතිය සමග සිදුවන ක්‍රියාවන් හදුනාගන්න.

ඒවා රූපමය ලෙස පොඩි රවුමක් තුළ නිරූපණය කරන්න. ක්‍රියාපදයකින් ලිවිය යුතුයි.

සිදුවන පිළිවෙලින් එම ක්‍රියාවන් ඊතල මගින් අනුපිළිවෙලට සම්බන්ධ කරන්න.

පද්ධතියේ දත්ත මත යැපෙන ක්‍රියාවන පද්ධතිය තුළ පෙන්වන්න. පද්ධතියෙන් පිට සිදුවන ක්‍රියාවන් පද්ධතියෙන් පිට පෙන්වන්න.

ඉන්පසුව පද්ධතිය තුළ හා පිටත වෙන් කරමින් පද්ධති සීමාව ලකුණු කරන්න.


උදාහරණ  -

1. කඩයකට ගොස් භාණ්ඩයක් මිලදී ගැනීම.

පාරිභෝගිකයා වෙළෙඳසැලට ගොස් අයකැමිට මුදල් දී හාල් කිලෝ එකක් ඉල්ලා සිටී. අයකැමි එය සකසන ලෙස සහායකට පවසයි. ඉන්පසු එම හාල් කිලෝව ඔහු අයකැමිට ලබාදේ. අයකැමි ගනුදෙනුව සටහන් කොට හාල් හා ඉතිරි මුදල්ද පාරිභෝගිකයාට ලබාදේ.

2. මංගල උත්සව සදහා සාරි කුළියට දෙන ආයතනයක එම කාර්ය කරගැනීම සදහා පරිගණකගත තොරතුරු පද්ධතියක් සැකසීමට තීරණය කර ඇත. එහි ක්‍රියාකාරිත්වය පහත පරිදිවේ. පාරිභෝගිකයෙකු සාරියක් කුළියට ගැනීමට පැමිණි විට පිලිගැනිමේ නිළධාරියා විසින් ඇයව පිලිගෙන අවශ්‍ය සාරිය පිලිබඳ තොරතුරු ලබා ගනී. ඉන්පසු ආයතනයේ ඇති සාරි පිලිබඳ තොරතුරු හා සාරි පෙන්වනු ලබයි. පසුව ඇයගේ දුරකථන අංකය,නම,ලිපිනය ආදිය ලබාගෙන සාරි කුළියට දීමේ ගොනුව යාවත්කාලීන කරයි. අනතුරුව බිල සකසා අත්තිකාරම් මුදලක් අයකර ගනී. ඇයට ඇය විසින් වෙන්කල සාරියක් අවලංගු කිරීමටද හැකී. ඒ සදහා පිළිගැනිම් නිලධාරිනිය විසින් බිල්පත් අංකය ලබාගෙන අවලංගු කිරීම කරයි. ඒ සදහා අයකිරීමක් සිදුකර ඉතිරි මුදල ආපසු නැවත ලබා දී සාරි කුළියට දීමේ ගොනුව නැවත යාවත්කාලීන කරයි. තවද මෙම ආයතනය සදහා නිර්මාණ ශිල්පිණියන්ට සාරි ලබාදිය හැකියි.ඒ සදහා ඔවුන් ඉල්ලාසිටි විට ඔවුන්ගේ තොරතුරු ලබාගෙන එම තොරතුරු නිර්මාන ශිල්පී ගොනුවට ඇතුළු කරයි.

 

දත්ත ගැලීම් ආකෘතිකරනය. (Data flow)

පද්ධතියක්  ක්‍රියාත්මකවන අයුරු පෙන්නුම් කරන සටහන් කිහිපයක් සහිත විශ්ලේෂණ මෙවලමකි. පද්ධතියක් තුළ හා පිටත දත්ත ගලා යන ආකාරය කෙටි විස්තරයක් සමග ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවේ

1.සම්බන්ධක රූප සටහන්. (Context data flow diagram)

පද්ධතියට සම්බන්ධවන බාහිර පුද්ගලයන් පද්ධතිය සමග කරනු ලබන ක්‍රියාවන් හා පද්ධතිය විසින් බාහිර පාර්ශවයන් වෙත දෙනු ලබන තොරතුරු පෙන්නුම් කරයි.

මෙහි භාවිතවන සංකේත.

පද්ධතිය.

බාහිර පාරිශවය.

පද්ධතිය සමග දත්ත ගලන දිශාව.

බාහිර  පාර්ශව අතර සෘජුව දත්ත ගැලීම.

1) ජනතාවට අන්තර්ජාලය හරහා ඉල්ලුම් කලහැකි "ඔබ කැමති විඩියො" පද්ධතියක් හදුන්වාදීමට යම් සමාගමක් අදහස් කරයි. විඩියෝ නිශ්පාදකයින්ට විඩියෝ නිශ්පාදන කර අනුමැතිය ලබාගැනීම සදහා මෙම සමාගමට ඉදිරිපත් කල හැකියි. විඩියෝවක්  අනුමැතිය සදහා මෙම සමාගමට ලැබුනු පසු එය විවරණය කර වීඩියෝ පුස්තකාලය සදහා අනුමැතිය ලබාදීමට විචාරක මණ්ඩලයක් සමාගම මගින් පත් කරනු ලැබේ.විඩියෝවක් අනුමත වූ විට එය විඩියෝ පුස්තකාලය වෙත එකතු කරනු ලබන අතර ඒ බැව් නිශ්පාදකයා වෙත දන්වා යවනු ලබයි. වීඩියෝවක් ප්‍රතික්ෂේප වූ විට ඒ සදහාද හේතු දක්වමින් විඩියෝව අනුමත නොවූ බැව් නිශ්පාදකයා වෙත දන්වා යවනු ලැබේ. විඩියෝ  පුස්තකාලයේ ඇති විඩියෝවල ලැයිස්තුවක් නරඹන්නට පරිශීලනය කල හැකි අතර විඩියෝ සදහා දායකත්වය ද ලබාගත හැකියි. දායකත්වය ලබාගත් අයට ඕනෑම වේලාවක වීඩියෝ නැරඹීය හැකිය.

සෑමමසකම අවසානයේ දී සමාගම විසින් සෑම දායකයෙකු සදහාව මසිත ගෙවීම ගණනය කරන අතර ඒ සදහා වර්ණාවක් ද නිකුත් කරනු ලැබේ. මෙම වර්ණාවන් සමගමේ සේවයේ නියුතු ලිපි බෙදෙන්නෙකු මගින් සියලු දායකයන් වෙත යැවිය යුතුවේ.




No comments

ict note in A/L

3/Technology ict note in A/L/post-list