.වස්තු නැබුරු ක්‍රමවේදය
තොරතුරු පද්ධති නිර්මාණයේ සාම්ප්‍රදායික ක්‍රමවේදයට පරස්පර
නවීන පද්ධති
නිර්මාණ ක්‍රමවේදයයි. එකිනෙකට සම්බන්ධ වූ වස්තු මගින් නිර්මාණය ක්‍රමවේදය සිදුවේ. මෙහි මූලධර්ම 3කි.
1.ව්‍යුක්තිකරනය.
සැබෑ ලොකයෙන් වෙන් කර දැක්විය හැකි වස්තු
අර්ත දැක්වීමයි.
මෙම වස්තු නැවත නැවත භාවිතයට ගැනීමත් නඩත්තු කිරීමත් කල හැකී.
2.සංක්ෂිප්තකරනය.
වස්තු අභ්‍යන්තරයේ අනිකුත් උපාංග සගවා
තැබීමයි. මේ මගින් නඩත්තු හැකියාව වැඩිදියුණු කරයි.
3. ප්‍රවේණිය.
වස්තු නැවත භාවිතයට ගැනීම හා පන්ති අනුපිළිවෙළක් ඇතිව සංවිධානය කිරීමයි.
ව්‍යුහගත පද්ධති සංවර්ධන හා නිර්මාණ ක්‍රමවේදය
(SSDLM )
නව පද්ධතියක් නිර්මානයේද්දී හෝ පදතින
පද්ධතිය නවීකරනයේදී සැලැස්මක් නිර්මානය කර ගැනීම සදහා භාවිත කරයි. 1980 දශකයේදී
පමණ හදුන්වා දුනි. මෙය එක්සත් රාජධනියේ මධ්‍යම පරිගණක හා විදුලි සංදේශ නියෝජිත
ආයතනය මගින් සම්මත කර ඇත. අප පහතදී කතා කරන පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ(SDLC) වැඩි කොටසක් මෙය මගින් ආවරණය කරයි.
ශක්‍යතා අධ්‍යයනය - පද්ධතිය සංවර්ධන
සාර්ථක වීමට ව්‍යාපාරයේ දනට පවතන වපසරිය(පහසුකම්) විශ්ලේෂණය කිරීම මෙයට අයත් වේ
අවශ්‍යතා විශ්ලේෂණය - දියුණු කළ යුතු
පද්ධ්‍තිතය් අවශ්‍යතාවන් හදුනාගෙන ඇති අතර, ක්‍රියාවට නංවා ඇති ක්‍රියාවලිය
හා ගබඩා කර ඇති දත්තයන් අනුව වර්තමාන ව්‍යාපාරික වපසරය ආකෘතිකරණය කිරීම
අවශ්‍යතා
පිරිවිතිර - සවිස්තරාත්මක කාර්‍යබද්ධ හා කාර්‍යබද්ධ නොවන අවශ්‍යතා නිර්වචනය් කර
අවශ්‍ය සැකසීම් හා දත්ත ගබඩා කිරීම්වලට නව ක්‍රියාදාම හදුන්වා දීම
තාර්කික පද්ධති පිරිවිතිර - තාක්ෂණික
බාධ සැලකිල්ලට නොගෙන තර්කානුකූලව පද්ධතියක් සංවර්ධනය කිරීම
භෞතික නිර්මානය - තාක්ෂණික බාධ සැලකිල්ලට ගෙන තාර්කික නිර්මාණය
භෞතික සැලසුමක් බවට පරිණාමනය කිරීම