Total Pageviews

Popular posts




3.පද්ධති සැලසුම් කිරීම.

පද්ධතිය සංවර්ධනය කිරීම සදහා සැලසුමක් සකස් කර ගැනීම ප්‍රධාන ක්‍රම 2ක් ඔස්සේ මෙහිදී  සිදුවේ.

1.තාර්කික පද්ධති සැලසුම් කිරීම.

2.භෞතික පද්ධති සැලසුම් කිරීම.

.තාර්කික පද්ධති සැලසුම් කිරීම.

සංවර්ධනය කරන පද්ධතියේ ක්‍රියාකාරිත්වය හදුනාගැනීමට ලේඛනයන් පිළියෙළ කිරීම මෙහිදී සිදුවේ.

මිට අමතරව ඇල්ගොරිතම,ගැලීම් සටහන්,ව්‍යාජ කේත නිර්මාණයද සිදුවේ.

.භෞතික පද්ධති සැලසුම් කිරීම.

මෙහිදී පහත සාධක කෙරේ අවධානය යොමු කරයි.

අතුරු මුහුණත් සැලසුම් කිරීම. - එනම් විවිධ පාර්ශවයන්ට දත්ත ඇතුළත් කිරීම හා විමසීම් කාර්යන් සදහා තිර නිර්මාණය.

ආදාන හා ප්‍රතිදාන ක්‍රම හදුනා ගැනීම. හස්තමය මෙන්ම ස්වයංක්‍රීයව මෙම ආදානයන් කරන ආකාර සැලසුම් කළ යුතුයි.

ඇතුළත් කරන දත්ත සකසන ක්‍රියාවලිය පිලිබඳ අවධානය

පද්ධතිය ක්‍රමලේඛනය කරන ආකාර හා පුද්ගලයන් හදුනාගැනීම.

පද්ධතිය සැකසීමෙන් පසු පරීක්ෂා කරන ක්‍රමවේදයන් සැලසුම් කිරිම.

පද්ධතිය ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය වන්නා වූ උචිත දෘඪාංග හා මෘදුකාංග හදුනාගැනීම.

පද්ධති සැලසුම් සියල්ල නිවැරදිව විධිමත් ලෙස ලේඛනගත කිරීම අනිවාර්ය වේ. ඒ පද්ධති සංවර්ධන අදියරේදී ඒවා ප්‍රයොජනයට ගන්නා නිසාය.

තාර්කික පද්ධති සැලසුමක් භෞතික පද්ධති සැලසුමක් ලෙස අනුරූපනය කිරීමේදී තාර්කික පද්ධති සැලසුම තුළ තිබූ දෑ පහත පරිදි වෙනස් වේ.



ඉන්පසු මෙම සබැදි නිරූපිතයේ වගු 03වන මට්ටම දක්වා ප්‍රමතකරනය කිරීම,දත්ත සමුදායක අත්‍යවශ්‍ය දෙයක්වන දත්ත ශබ්දකෝෂය ගොඩනැගීම (දත්ත පිළිබද දත්ත Meta data )ආදිය කරනු ලැබේ.

4.පද්ධතිය සංවර්ධනය

පද්ධති සැලසුම් අවස්ථාවේදී සකසාගත් ලේඛනවලට අනුකූලව පද්ධතියේ එක් එක් මොඩියුල(කොටස්) පද්ධති ක්‍රමලේඛකයන් විසින් පරිගණක භාෂාවක් උපයෝගී කරගෙන පද්ධති මෘදුකාංගය නිර්මාණය කිරීම මෙහිදී සිදුවේ. එනම් කේතනයයි.

පද්ධතියක ක්‍රමලේඛ කේත්නයේදී අනුගමනය කලයුතු දෑ.

1.නම් කිරීම. - එනම් කේතනයේදී භාවිත කරන විචල්‍යයන් තේරුම්ගත හැකි ආකාරයට හා ඒ ඒ මොඩියුලයේ කාර්යවලට ගැලපෙන ආකරයේ නම් ලබාදිය යුතුයි.

ex - නම්ක් නම් Name

       දිනයක් නම් date

       ලිපින නම් address

2.නීඩ කිරිම. - එනම් කේත කාන්ඩ දීර්ඝ නොකර කෙටි කල යුතු බවයි.

Ex- if else ප්‍රකාශ

       While ප්‍රකාශ.

3.ක්‍රම ලේඛනයේ පිරිසැලසුම. - එනම් ක්‍රමලේඛන කිරීමේදී පහසුවෙන් එය කියවීමට හා දෝෂ සොයා ගැනීමට හැකිවන පරිදි වරහන්, ඉඩ, විවරණ යොදා ගනිමින් කල යුතු බවයි.

මීට අමතරව සකසා ගත යුතු දෑ.

දෘඪාංග හා මෘදුකාංග ස්ථාපනය.

ආයතනයක් සදහා නව පරිගණකගත් පද්ධතියක් නිර්මාණය කර දුන් පසු එහි ක්‍රියාකාරිත්වය සදහා අවශ්‍යවන දෘඪාංග හා මෘදුකාංගද ස්ථාපනය කල යුතුය. ඒ සදහා ආයතනයේ කාර්ය මණ්ඩලයද සම්බන්ධ වීම අවශ්‍යය.

දෘඪාංග ලෙස පරිගණක, මුද්‍රණ යන්ත්‍ර, අන්තර්ජාලය හා සම්බන්ධව පවතීනම් හා පද්ධතිය ජාලගත නම්  ඒ සදහා අවශ්‍ය උපාංග(ස්විච,රවුට,කේබල්,ගිනිපවුර) වින්ඩෝස් වැනි මෘදුකාංග පද්ධතින්ද ස්ථාපනය කල යුතුවේ.

පරිශීලක පුහුණුව.

නව තොරතුරු පද්ධතිය භාවිත කරන ආකාර, යන්ත්‍ර ක්‍රියාත්මක කරන ආකාරය හා එහි දෝෂ පැමිණියහොත් නිවැරදි කරගන්නා ආකාරත්, දත්ත සුරක්ෂිත කරගන්නා ආකාර,නිවැරදිව විධිමත්ව පවත්වාගෙන යන ආකාර ආදී දෑ පිලිබඳ පරිශීලකයන් පුහුණු කල යුතුය.

5.පද්ධති පරික්ෂාව

පද්ධතියක් සැකසීමෙන් අනතුරුව එය ක්‍රියාත්මක කිරීමට ප්‍රථම නිවරදිව එය සකසා ඇති දැයි පරික්ෂාවට ලක් කෙරේ.මෙහි ප්‍රධන අරමුන වන්නේ දෝෂ අවම තත්තවයෙන් උසස් මෘදුකාංගයක් සේවාදායකයා වෙත ලබා දීමයි.

පද්ධති පරික්ෂා ක්‍රමවේද

කාල මංජුසා පරික්ෂාව

ස්වාධීන පරීක්ෂා කණ්ඩායමක් විසින් කරනු ලබයි. මෙහිදී පද්ධතියේ, මෘදුකාංගයේ අභ්‍යන්තරයේ වන දේ පරික්ෂාකරන පුද්ගලයා නොදනී. එම නිස කාල මංජුසා පරික්ෂාව යැයි කියනු ලැබේ. ඒකක, ඒකාබද්ධ , පද්ධති,ප්‍රතිග්‍රහණ ආදී සියලුම පරික්සාවලට මෙය යොදා ගත හැකියි.

වාසි

පරීක්ෂකයාට ක්‍රමලේඛනය පිලිබඳ ඉහළ දැනුමක් තිබීම අත්‍යාවශ්‍ය නැත.

පරිශීලකගේ දෘෂ්ටි කෝණයෙන් පරික්ෂාව සිදුවන නිසා පිරිවිතිරවල විචලන අනාවරණය කරගැනීමට හැකි.

අවාසි

සියලුම ආදාන සංයෝජන අවස්ථා පරික්ෂාවට ලක් නොවිය හැකියි.

පැහැදිලි මෘදුකාංග අවශ්‍යතා ලේඛනයක් නොමැතිව පරික්ෂාව කිරීම ගැටලු සහගතයි. එනම් කාර්යබද්ධ අවශ්‍යතා පරික්ෂාවට ලක්වන නිසා අවශ්‍යතා ලේඛනය්ක් තිබිය යුතුවේ)



No comments

ict note in A/L

3/Technology ict note in A/L/post-list