ශ්වේත මංජුසා පරික්ෂාව
මෙහිදී සිදුවන්නේ ක්‍රමලේඛයේ ව්‍යුහය
පරීක්ෂා කිරීමයි.
මෙය ක්‍රම කිහිපයකට සිදුවේ.
ප්‍රකාශ ආවරණය - මෙයින් කේතයේ අඩංගු ප්‍රකාශ වලින් කොපමණ ප්‍රකාශ
ගණනක් ක්‍රියාත්මක වේද යන්න පරීක්ෂා කරයි. (ක්‍රියාත්මක වන ප්‍රකාශ ගණන/කේතයේ මුලු ප්‍රකාශ ගණන)
ශාඛා ආවරණය - කේතයේ
අඩංගු ශාඛා ප්‍රමාණයෙන් කොපමණ ශාඛා ප්‍රමාණයක් නිවැරදි ක්‍රියාත්මක වන්නේද යන්න ( ක්‍රියාත්මක වන ශාඛා ගණන/ කේතයේ අඩංගු මුලු ශාඛා ගණන)
මාර්ග ආවරණය. - කේතයේ
අඩංගු මාර්ග ප්‍රමාණයෙන් කොපමණ මාර්ග ප්‍රමාණයක් නිවැරදි ක්‍රියාත්මක
වන්නේද යන්න (
ක්‍රියාත්මක වන මාර්ග ගණන/ කේතයේ අඩංගු මුලු මාර්ග ගණන)
වාසි
ක්‍රමලේඛයේ සැගවී ඇති දෝෂ සොයාගැනීමට හැකිවේ.
ක්‍රමලේඛයේ ක්‍රියාත්මක නොවන කේත කොසට්
හදුනාගැනීමට හැකිවේහැකිවේ
අවාසි
මේ ක්‍රමය වියදම් සහගත වන අතර වැඩි
කාලයක්ද වැයවේ.
කේත පේළි මගහැරී යා හැකියි
ක්‍රමලේඛනය කිරීම ගැන ඉහළ දැනුමක්
තිබිය යුතුයි.
පද්ධති
පරික්ෂා
ක්‍රම
ඒකක
පරීක්ෂාව
ඒකක පරික්ෂාව යනු ක්‍රමලේඛනයේ කුඩ කොටස් වල කේත නිවැරදිව ක්‍රියාත්මක වන්නෙද යන්න
පරීක්ෂාවට ලක්
කිරීමයි. කුඩා කාර්ය , ක්‍රි යා
පටිපාටි, අතුරුමුහුණත් වැනි යෙදුම් මෙසේ පරික්ෂාවට ලක්වේ. මේ සදහා කාල මංජුසා හෝ ශ්වේත මංජුසා ක්‍රමවේද
වලින් ඕනෑම එකක්
යොදාගත හැකියි. ඒකාබද්ධ පරික්ෂාවට පෙර ඒකක පරික්ෂාව ලක යුතුයි. මෘදුකාංගය
සකස් කරන සංවර්ධකයින් විසින්ම පරික්ෂාව කරයි.
වාසි
අලුතින් එකතුකල අංග හා ගුණාංගයන් වෙනස්
කලවිට ඇති වන ගැටලු
අවම කරයි
මෘදුකාංගයේ මුල් අවධියේම පරීක්ෂාවට
ලක්වන නිසා පසුව පරීක්ෂාවට වැයවන මුදල් අවම කරගත හැකියි.
මෘදුකාංග සැලසුම හා කේතය වැඩිදියුණු
කරගැනීමට අවස්ථාව සැලසේ
ඒකාබද්ධ පරීක්ෂාව
මෘදුකාංග ඒකක කිහිපයක් එකට සංයෝජනය කර
කරනු ලබ්න පරීක්ෂාවයි.
ස්වාධීනව පවතින මෘදුකාංග ඒකක කිහිපයක්
එකට එකතුකර ක්‍රියාත්මක කරනවිට ඇතිවන ගැටලු පවතී.
එම දෝෂ අවම කරගැනීමට මෙම පරීක්ෂාව සිදු
කෙරේ.මෙය කරනු ලබන්නේ ඒ සදහාම වෙන් කල පරීක්ෂා කණ්ඩායමක් මගිනි. මේ සදහා කාල මංජුසා හෝ ශ්වේත මංජුසා ක්‍රමවේද
වලින් ඕනෑම එකක්
යොදාගත හැකියි
පද්ධති පරීක්ෂාව
කාර්යබද්ධ හා කාර්යබද්ධ නොවන අවශ්‍යතා ඉටුවන ලෙස පරිශීලක අවශ්‍යතාවලට අනුකූලව
පද්ධතිය ක්‍රියාත්මක වන්නේද යන්න නිශ්චය කර ගැනීම සදහා මෙම පරීක්ෂාව කරනු ලැබේ. මෙය කරනු ලබන්නේ මෘදුකාංග සංවර්ධන කණ්ඩායමට පරිබාහිර වෙනත් ස්වාධීන කණ්ඩායමක්
මගිනි.
ප්‍රතිගහණ පරික්ෂාව.
සේවාදායකයා පද්ධතිය භාරගැනීමට පෙර
ඔහුගේ අපේක්ෂිත අරමුණු නිසියාකාරව පද්ධතිය මගින් ඉටුවන සහතික කරගැනීමට මෙම
පරීක්ෂාව කරනු ලබයි.
පද්ධති පරීක්ෂාවට පසු කෙරේ. මෙහි ආකාර දෙකක් ඇත.
අභ්‍යන්තර ප්‍රතිග්‍රහණ පරීක්ෂාව/බීටා පරීක්ෂාව
මෙම පරීක්ෂාව කරන්නේ මෘදුකාංගය
සංවර්ධනය
කරල ලද ආයතනයේ නිශ්පාදන කලමණාකරු හෝ
විකුනුම් හෝ පරිභෝගික කණ්ඩායම වැනි මෘදුකාංගය නිර්මාණයට සෘජුව සම්බන්ධ(මෘදුකාංග සංවර්ධක,පෙර පරීක්ෂා කල පුද්ගලයන්) නොවූ අය විසිනි.
බාහිර ප්‍රතිග්‍රහණ පරීක්ෂාව
පාරිභෝගික ප්‍රතිග්‍රහණ පරීක්ෂාව - සේවාදායක පාර්ශවය විසින් කරනු ලබයි.
පරිශීලක ප්‍රතිග්‍රහණ පරීක්ෂාව - සේවාදායකයගේ
පාරිභෝගිකයින් විසින් කරනු ලබයි.
6.
පද්ධති ස්ථපනය
පද්ධතියක්
සකස් කිරීමෙන් අනතුරුව එය ක්‍රියාත්මක කිරීම සදහා ස්ථපනය කරයි. එය කළහැකි ස්ථපන ක්‍රම
කීපයකි.
සමාන්‍තර ස්ථාපනය (Parallel )
පවතින පද්ධතියත් හා නව පද්ධතිය යන දෙකම ක්‍රියාත්මකව තබාගනී. නව පද්ධතිය නිසා ගැටලු ඇති වුවහොත් වන අවදානම නිසා මෙම ක්‍රමය
භාවිත වේ.
මෙහි ඇති දුර්වලතාව වන්නේ පද්ධති දෙකම පවත්වාගෙන යාමට සිදුවීම නිසා පිරිවැය
හා කාලය වැඩියෙන් වැයවීමයි. නව පද්ධතිය පරිශීලකට ගැලපේ යැයි හා
විශ්වාසදායක වූ විට
පැරණි පද්ධතිය භාවිතයෙන් ඉවත් කරයි.
සෘජු ස්ථාපනය ( Direct )
පැවති පද්ධතිය සම්පූර්ණයෙන්ම ඉවත් කර
නව පද්ධතිය භාවිත යොදාගැන්ම යී. අනිකුත් ස්ථාපන ක්‍රම වලට වඩා මෙය
වේගවත් වේ.
එමෙන්ම පිරිවැය හා කාලය ද වැයවීම අඩුය. නමුත් මෙහි අවදානම වැඩී. සේවකයන්ට ඉක්මනින් නව පද්ධතිය සදහා හුරුවීමට වන අතර එය අපහසු විය හැකී. පද්ධතියේ යම් ගැටලුවක් ඇතිවුවහොත් එය සමස්ථ ක්‍රියාකාරිත්වයම
බිදවැටීමට හේතුවක් වේ.
පැරැණි පද්ධතිය සමග නව පද්ධතිය නොගැලපේ
නම් වෙන
විකල්පයක් නොමැති නිසා මෙම ස්තාපනය
කිරීමටම සිදුවේ.
අදියරමය ස්ථාපනය. ( phased)
නව පද්ධතිය එකවරම ස්තාපනය වෙනුවට එහි
කොටසින් කොටස පැරණි පද්ධතියත් සමග ක්‍රියාත්මක කිරීම මේ ක්‍රමයේදු සිදුවේ. එහිදී පරිශීලකට නව පද්ධතිය සදහා හොදින් අනුගත
වීමටද හැකියාව ලැබේ.
නමුත් පිරිසක් පැරැණි පද්ධතියත් තවත්
පිරිසක් නව පද්ධතියත් භාවිතයෙන් වැඩ කරන නිසා ගැටලු පැන නැගිය හැකියි.
නියමුමය ස්ථාපනය ( pilot)
මෙහිදී ආයතනයක ශාඛා හෝ දෙපාර්තමේන්තු කිහිපයක් ඇතිවිට නව පද්ධතිය එක් ශාඛාවක එනම්
කිසියම් පිරිසකට පමණක් පළමුව භාවිතයට ගැනීමට ඉඩ සලසා එය සාර්ථක වේ නම් අනිකුත්
ශාඛා වෙතත් නව පද්ධතිය ස්ථාපනය කරයි. මෙමගින් නව පද්ධතිය ස්ථාපනයේ අවදානම අඩුකර ගත හැකිවේ.
7.සමාලෝචනය, අනුග්‍රහය හා
නඩත්තුව.
පද්ධතිය
භාවිත කරගෙන යාමේදී ඇතිවන ගැටලුවලදී කාර්යමණඩලයට අවශ්‍ය උපදෙස් ලබාදීම හා ඔවුන්
වෙත
ගොස් එය විසදා දීම යනාදිය මෙම පියවරට අයත් ය.
ඊට
අමතරව පරිසරයේ වෙනස්වීම් මත පද්ධතියයේ කල යුතු වෙනස්වීම් හදුනාගෙන නව අංග පද්ධතියට
එකතු කිරීමද සිදුවේ.
සමාලෝචනය
- පද්ධතිය
ක්‍රියාවට නංවන විට හදුන්වාදුන්, බලාපොරොත්තු වූ දෑම සිදු නොවනු ඇත.
ඒවා
හදුනාගැනීමට ඉතා අවධානයෙන් පසුවිය යුතු වේ. එබැවින් පද්ධති
පිලිබඳ
මනා සමාලෝචනයක් සිදුකර පද්ධතියේ කාර්ය සාධනය( අපේක්ෂිත
පරිදිම සිදුවේද යන්න) ඇගයිය යුතුයි.
පෙර
නිමි පැකේජ.
සංවර්ධනය
කර වෙළෙඳපොලේ අලවියට තබා ඇති පරිගණක මෘදුකාංග පෙරනිමි පැකේජ ලෙස හැදින්වේ.
තිරස් හෝ සිරස් වෙළෙඳපොළ සදහා නිර්මාණය
කරඇත උදාහරණයක්
ලෙස මයික්‍රෝසොෆ්ට් සමාගමේ ඔෆීස් මෘදුකාංග කට්ටලය දැක්විය හැකී.
ආයතනවල
ගිනුම් කටයුතු ,තොග පාලන කටයුතු, ගනුදෙනු
සැකසුම් ආදී විවිධ කාර්යන් සදහා සැකසූ පැකේජ ඇත. ණයපත් හා හරපත්
මගින් අන්තර්ජාලය හරහා මුදල් ගෙවා ලබාගැනීමේ හැකියාවද ඇත. මෙවා මිලදී
ගැනීමේදී එහි ක්‍රියාකාරිත්වය
ඇතුළත්
නිබන්ධනයක්
ද ලබදේ.
වාසි.
මෘදුකාංග නිශ්පාදන ආයතනය මගින් අදාළ
පෙරනිමි මෘදුකාංගය නිතර නිතර යාවත්කාලීන හා වැඩිදියුණු කිරීමට ලක් කරයි.
සම්මත ව්‍යාපාරික මෘදුකාංග නිර්මාණයට
යන කාලය හා පිරිවැයට වඩා අඩු කාලයකින් හා පිරිවැයකින් මෙම මෘදුකාංග නිර්මාණය කරගත
හැකියි.
අවාසි
මේවා අතිශ්‍ය සංකීර්ණ වන අතර භාවිතයට
නොගත් විශේෂාංග ඕනෑ
තරම් ඇතුළත් විය හැකියි
මෘදුකාංග භාවිත කරන ආකාරය ඉගෙනගැනීමට
විශාල කාලයක් ගතවේ.
මෘදුකාංග සැලසුම් කර ඇති ආකාරය අනුව ආයතනයේ ක්‍රියාවලිය වෙනස් කිරීමට සිදුවේ.
තිරස් වෙළෙඳපොළ යනු විවිධ වර්ගයේ
ගනුදෙනුකරුවන් සම්බන්ධවන වෙළෙඳපොළ යි. එනම් කඩදාසි, එලවලු වැනි.ඒවා සියලුම අය විවිධ අවශ්‍යතාවන් සදහා ලබාගනී. සිරස්
වෙළෙඳපොළ යනු සුවිශේෂී වූ ගනුදෙනුකරුවන්ට පහසුකම් සලසන වෙළෙඳපොළයි. උදාහරණයක් ලෙස රූපලාවණ්‍යයාගාර ආරම්භකිරීමට ණය
සපයන බැංකු
ගත හැකි. එම ණය ලබාගන්නේ රූපලාවණ්‍යය කටයුතු කරන අය පමණි. එම නිසා එය සුවිශේෂී වෙළෙඳපොළකි.
සම්මත ව්‍යාපාරික යෙදවුම්
මෙම මෘදුකාංග ව්‍යාපාරයේ අවශ්‍යතා අනුව පමණක් විශේෂයෙන්ම සකසා ඇති මෘදුකාංග වේ. එමෙන්ම මේවා වෙනස් කිරීම වැඩිදියුණු කිරීම
ආයතනයට අවශ්‍ය පරිදිම කලහැකියි.
වාසි
ආයතනයේ දැනට පවතින සේම අනාගත කාර්යයන්
සමග ඒකාබද්ධ කලහැකියි.
තරගකාරී ආයතන සතු මෘදුකාංග වල නොමැති විශේශිත විශේෂාංග ඇතුළත් කල
හැකියි.
එය එම ආයතනයේ වත්කමක් වේ.
ආයතනයේ කීර්තිනාමය ඉහළ යයි
අවාසි
මෘදුකාංගය නිර්මාණයට වැයවන මුදල හා
කාලය ඉතා වැඩිවිය හැකියි.
මෙවන් මෘදුකාංගයක් ස්ථාපනයට විශාල
ආරම්භක පිරිවැයක් දැරීමට සිදුවේ.