2.දත්ත ගැලීම් සටහන් (data flow diagram)
පද්ධතිය
සමග බාහිර පාර්ශවයන් සම්බන්ධවන ආකාරය හා පද්ධති ඔවුන්
සමග
කරනු ලබන ක්‍රියාත් ඒ මගින් බිහිවන දත්ත ගබඩාවන ආකාරය හා පද්ධතිය විසින් බාහිර
පාර්ශවයන් වෙත ලබාදෙන තොරතුරුත් නිරූපණය කරයි.
සංකේත.
බාහිර
පාර්ශවය.
ක්‍රියාව.
දත්ත
ගබඩාව.
දත්ත
ගලන දිශාව.
ක්‍රියාව
නිරූපණය කරන සංකේතයේ අභ්‍යන්තරය
ක්‍රියාවකට
අනන්‍ය වූ ගුණ -
අනන්‍යතාවය
(අංකය),
ක්‍රියාවේ
නම(එනම් සිදුවන ක්‍රියාවේ කෙටි විස්තරයක්),
ක්‍රියාව
ස්ථානය හෝ එයට සම්බන්ධවන පුද්ගලයා.
දත්ත
ගබඩා නිරූපණය කරන සංකේතයේ අභ්‍යන්තරය.
දත්ත
ගබඩාවක ගුණ. –
අනන්‍යතාව(එනම් දත්ත
ගබඩාවේ අංකයයි. )
වර්ගය
- එනම්
දත්ත ගබඩවේ ස්වාභාවයයි. මෙම වර්ග කිහිපයක් ඇත.
පරිගණකගත. - D
හස්තමය.
- M
තාවකාලික.
- T
තාවකාලික
හස්තමය. - T(M)
නම.(ගබඩාවට දෙනු
ලබන නමයි)
දත්ත
ගැලීම් සටහන් නිර්මාණයේ භාවිතවන නීති.
උදාහරන
1) ජනතාවට අන්තර්ජාලය හරහා ඉල්ලුම් කලහැකි "ඔබ කැමති විඩියො" පද්ධතියක් හදුන්වාදීමට යම් සමාගමක් අදහස් කරයි. විඩියෝ නිශ්පාදකයින්ට විඩියෝ නිශ්පාදන කර
අනුමැතිය ලබාගැනීම සදහා මෙම සමාගමට ඉදිරිපත් කල හැකියි. විඩියෝවක් අනුමැතිය සදහා මෙම සමාගමට ලැබුනු පසු එය විවරණය
කර වීඩියෝ පුස්තකාලය සදහා අනුමැතිය ලබාදීමට විචාරක මණ්ඩලයක් සමාගම මගින් පත් කරනු
ලැබේ.විඩියෝවක් අනුමත වූ විට එය විඩියෝ පුස්තකාලය වෙත එකතු කරනු ලබන අතර ඒ බැව් නිශ්පාදකයා වෙත දන්වා යවනු ලබයි. වීඩියෝවක් ප්‍රතික්ෂේප වූ විට ඒ සදහාද හේතු
දක්වමින් විඩියෝව අනුමත නොවූ බැව් නිශ්පාදකයා වෙත දන්වා යවනු ලැබේ. විඩියෝ පුස්තකාලයේ ඇති විඩියෝවල
ලැයිස්තුවක් නරඹන්නට පරිශීලනය කල හැකි අතර විඩියෝ සදහා දායකත්වය ද ලබාගත හැකියි. දායකත්වය ලබාගත් අයට ඕනෑම වේලාවක වීඩියෝ නැරඹීය හැකිය.
සෑමමසකම අවසානයේ දී සමාගම විසින් සෑම දායකයෙකු සදහාව මසිත ගෙවීම ගණනය කරන අතර ඒ සදහා වර්ණාවක් ද නිකුත් කරනු ලැබේ. මෙම වර්ණාවන් සමගමේ සේවයේ නියුතු ලිපි බෙදෙන්නෙකු මගින් සියලු දායකයන් වෙත යැවිය යුතුවේ.