Total Pageviews

Popular posts

 


පද්ධති සංකල්පය ගවේෂණය කර තොරතුරු පද්ධති සංවර්ධනය කිරීමට පද්ධති විශ්ලේෂණ හා නිර්මාණ ක්‍රමවේද භාවිත කරයි.

පද්ධති. පද්ධතියක් යනු නිශ්චිත අරමුණක් ඉටු කර ගැනීම සදහා ක්‍රියාත්මක වන අන්තර්ක්‍රියාකාරීත්වයකින් යුතු සංඝටක සමූහයක එකතුවකි. පද්ධතියක ලක්ෂණ පොදු අරමුණක් තිබීම.

අවයව සමූහයක් තිබීම

අවයව අතර අන්තර් සම්බන්ධීකරණයක් තිබීම.

එමෙන්ම පද්ධතියක් අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වන කුඩා පද්ධති ගණනාවක්ද ඇත.මේවා එහි උප පද්ධති ලෙස හැදින්වේ.

පද්ධතියක අවස්ථා

ආදානය

ක්‍රියාවලිය

ප්‍රතිදානය.

පද්ධතියක් තුළට ඇතුල් කර ගන්නා දෑ කිසියම් ක්‍රියාවලියකට භාජනය කොට අවසානයේ ලැබෙන ප්‍රතිඵලය ප්‍රතිදානය කරයි. පද්ධතියක් බාහිර ලෝකය හා සම්බන්ධ වන්නේ ආදාන හා ප්‍රතිදාන මගිනි.

පද්ධති සීමාව. ( system boundary)

මෙය යොදා ගන්නේ පද්ධතියේ සංඝටක හා පද්ධතියට අදාළ නොවන සංඝටක හදුනා ගැනීමටයි. පද්ධතියක ඇතුළත හා පිටත අය වෙන් කරන සීමාව පද්ධති සීමාව ලෙස හැදින්වේ.

පද්ධති වර්ගීකරණය

විවිධාකාර  ක්‍රම යටතේ පද්ධති වර්ග කල හැකී. ඉන් ප්‍රධනම ක්‍රමය වන්නේ විවෘත හා සංවෘත පද්ධතියි.

බාහිර පරිසරය හා සම්බන්ධ වෙමින් එය තුළින් ආදාන ලබා ගැනීම හා පද්ධතියේ ප්‍රතිඵල බාහිර පරිසරයට ප්‍රතිදානය කරන්නේනම් එවනි පද්ධති විවෘත පද්ධති ලෙස හැදින්වෙ. ශ්වසන පද්ධතිය

සංවෘත පද්ධති

බාහිර පරිසරයෙන් ආදාන ලබා ගැනීම හා පද්ධතියේ ප්‍රතිඵල බාහිර පරිසරයට ප්‍රතිදානය කරන්නේනම් එවනි පද්ධති විවෘත පද්ධති ලෙස හැදින්වෙ. රුධිර සංසරණ පද්ධතිය

ස්වාභාවික පද්ධති හා කෘතීම පද්ධති

ස්වාභාවිකව නිර්මාණය වී ඇති ගංගා,ඇලදොල,මිනිසා වැනි පද්ධති  හා මිනිසා විසින් නිර්මාණය කර ඇති පුස්තකාල, දුම්රිය,විදුලිය වැනි  පද්ධතියි.

තොරතුරු පද්ධති

දත්ත උපයෝගී කරගෙන තොරතුරු බිහිකිරීමට නිර්මාණය කර ඇති පද්ධති තොරතුරු පද්ධතිවේ.

තොරතුරු පද්ධති ක්‍රියාත්මක වන ආකාරය අනුව ප්‍රධාන් ක්‍රම දෙකකි.

මිනිස් ශ්‍රමය මූලික කරගත් පද්ධති

මෙවැනි පද්ධතිවල සැකසුම් ක්‍රියාවලිය කරනු ලබන්නේ මිනිස් ශ්‍රමය මූලික කොට ගෙනය. එම නිසා කාර්යක්ෂමතාව අඩු වීම, වැරදි සිදුවීම,වැඩි කාලයක් ගත වීම, ආයචන ධාරිතාව ප්‍රමාණවත් නොවීම වැනි ගැටලු ඇති විය හැකී.

ස්වයංක්‍රීය තොරතුරු පද්ධති

පරිගණක තාක්ෂණය යොදා ගෙන ක්‍රියාත්මකවන මෙම පද්ධති වල කාර්යක්ෂමතාව හා නිරවද්‍යතාව ඉතා ඉහළය. නිරවද්‍යතවේ වැරැද්දක් ඇත්නම් ඒ අප ආදානය කල දත්ත හෝ උපදෙස්වල වැරැද්දක් පමණි.

පරිගණක තොරතුරු පද්ධතියක පවත්නා අංග.

දෘඪාංග

මෘදුකාංග

පරිශීලකයන්

දත්ත

කාර්ය පටිපාටි



පරිගණකගත තොරතුරු පද්ධති වර්ගීකරණය

කාර්‍යාලීය ස්වයංක්‍රීයකරන පද්ධති(Office automation system)

ගනුදෙනු සැකසුම් පද්ධති(Transaction processing system)

කලමණාකරන තොරතුරු පද්ධති(Management information system)

තීරණ සහායක පද්ධති(Decision support system)

විධායක සහාය පද්ධති(Executive support system)

භූගෝලීය තොරතුරු පද්ධති(Geographic information system)

දැනුම් කලමනාකරණ පද්ධති(Knowledge management system)

අන්තර්ගත කලමනාකරණ පද්ධති(Content management system)

ව්‍යවසාය සම්පත් සැලසුම් පද්ධති(Enterprise resource planning system)

සුහුරු පද්ධති(Smart system)

No comments

ict note in A/L

3/Technology ict note in A/L/post-list