නශ්‍ය-නොවන මතකය (Non-Volatile Memory)
මෙම වර්ගයේ මතක නශ්‍ය මතකය මෙන් නොව මෙහි තැන්පත්ව ඇති දත්ත(Data) හෝ තොරතුරු (Information) විදුලි බලය විසන්ඳි වූ පසුව හෝ පරිගණකය ක්‍රියා විරහිත කල පසුව මැකී නොයය. නශය නොවන මතකය සදහා උදාහරණ ලෙස,
පඨන මාත්‍ර මතකය (Read Only Memory – ROM)
ද්විතියික ආචයණයන් (Secondary Storage)
හදුන්වා දිය හැක.
දිගු කාලීන නොනැසී පවතින ආචයණ (long term persistent storage) සඳහා නශ්‍ය නොවන මතකය යොදාගනී ද්විතියික ආචයණ. (Secondary Storage) දැක්විය හැකිය. නශ්‍ය නොවන මතක ප්‍රාථමික මතක ලෙස භාවිතා කිරීමට අපහසුය. නශ්‍ය නොවන මතකයන් හී පවතින යම් යම් සීමා එයට හේතු වේ.නශ්‍ය මතකය හා සසඳන විට නශ්‍ය නොවන මතකය මිලෙන් ඉහල වන අතර ක්‍රියාකාරිත්වය දුර්වලවේ.එලෙසම් මෙම මතකයන් සඳහා ඉහල ධාරිත්වයකින් යුක්ත වේ . මෙම කරුණු ඔබට මතක ධුරාවලිය අධ්‍යනය කිරීමෙන් පහසුවෙන් හදුනාගත හැක. දැන් අපි මෙම නශ්‍ය නොවන මතකයන් වන පඨන මාත්‍ර මතකය හා ද්විතියික ආචයණයන් පිළිබඳව විස්තරාත්මකව විමසා බලමු.
පඨන මාත්‍ර මතකය – Read Only Memory
මෙම මතකය කියවීමට පමණක් හැකියාව ඇති මතකයක් වේ.මෙම වර්ගයේ මතක වල සථිරාංග නමින.් හඳුන්වන විශේෂ මෘදුකාංග වර්ගය ඇත.මෙම මෘදුකාංග නිරන්තරයෙන් යාවත් කාලීන කිරීමට අවශ්‍ය නොවන අතර විශේෂිත වූ දෘඩාංගයකට පමණක් බැදී පවතී.පුද්ගල පරිගණක වල මව් පුවරුවේ සවිකර ඇති අර්ධ සන්නායක චිපයක තැන්පත් කර ඇති ස්ථිරාංගයක් මගින් පරිගණකය ක්‍රියාත්මක කරවීමේ මූලික කාර්‍ය ඉටු කරනු ලබයි.පරිගණක වලට අමතරව වෙනත් නිහින පද්ධති වලද පඨන මාත්‍ර මතකයන් සවි කර ඇත.මූලික වශයෙන් ගත් කල මෙවන් පඨන මාත්‍ර මතක වලට පරිගණක සකසනයට යමක් ලිවීමට නොහැකි වුවද, නූතනයේ දියුණු තාක්‍ෂණික ක්‍රම භාවිතා කර විදුලිය හා වෙනත් උපකරණ මගින් මැකීමට හා නැවත ලිවීමට හැකියාවක් ඇත.මෙවැනි පඨන මාත්‍ර මතක වලට උදාහරණ ලෙස,
පඨන මාත්‍ර මතකය – ROM
ප්‍රක්‍රමික පඨන මාත්‍ර මතකය – PROM (Programmable Read Only Memory)
මැකිය හැකි ප්‍රක්‍රමික පඨන මාත්‍ර මතකය – EPROM (Erasable Programmable Read Only Memory)
විද්‍යුතයෙන් මැකිය හැකි ප්‍රක්‍රමික පඨන මාත්‍ර මතකය – EEPROM (Electrically Erasable Programmable Read Only Memory)
සැනෙලි මතකය – Flash Memory
හදුන්වා දිය හැක. අපි දැන් මේවා පිළිබඳව සවිස්තරාත්මකව විමසා බලමු.
ප්‍රක්‍රමික පඨන මාත්‍ර මතකය (PROM)
මෙම මතක චිපය කිසිවක් අඩංගු නොකල හිස් චිපයක් ලෙස අඩු මිලට ලබා ගත හැකි වන අතර, විශේෂිත මෙවලමක් මගින් මෙහි කේත අඩංගු කල හැක.
මැකිය හැකි ප්‍රක්‍රමික පඨන මාත්‍ර මතකය(EPROM)
පඨන මාත්‍ර මතකය (ROM )හා ප්‍රක්‍රමික පඨන මාත්‍ර මතකය (PROM ) යන මතක යන්හී යම් යම් සීමාවන් පවතී. එනම් මේවා මිලෙන් අඩු වුවද නැවත නැවත කේතනය කල නොහැකි වීමයි.මේ වෙනුවට නැවත නැවත කේතනය කල හැකි චිපයක් වන EPROM (Erasable Programmable Read Only Memory) හදුන්වා දී අැත. මෙම මතකයේ අැති දත්ත පාරජබූල කිරණ භාවිතයෙන් විශේෂ මෙවලමකින් මැකිය හැකි අතර, ඉන්පසුව මතකය නැවත ලිවිය හැකි තත්වයට පත්වේ.මෙහීදී චිපයේ අැති සියලුම දත්ත මකා දැමීම සිදුවේ.
විද්‍යුතයෙන් මැකිය හැකි ප්‍රක්‍රමික පඨන මාත්‍ර මතකය(EEPROM)
මැකිය හැකි ප්‍රක්‍රමික පඨන මාත්‍ර මතකය (EPROM) භාවිතයේදී ඒ සඳහා වෙන් වුනු උපකරණයක් භාවිතා කිරීමට සිදුවීමත්,පහසුවෙන් කර ගැනීමේ හැකියාවක් නොමැති වීමත් නිසා, විද්‍යුතයෙන් මැකිය හැකි ප්‍රක්‍රමික පඨන මාත්‍ර මතකය – EEPROM නිපදවන ලදී.මෙමගින්, නැවත ලිවීමේදී චිපය සවිකර අැති තැනින් ඉවත් කිරීමට අවශ්‍ය නොවීම,සම්පූර්ණ චිපය මකා නොදමා අවශ්‍ය කොටස පමණක් මකා දැමීමට හැකි වීම හා මැකීම සඳහා විශේෂ මෙවලමක් අවශ්‍ය නොවීම වැනි වාසි අත්වේ.
සැනෙලි මතකය (Flash Memory)
මැකිය හැකි ප්‍රක්‍රමික පඨන මාත්‍ර මතකය (EPROM )හී අවාසි සහගත තත්වයක් වන්නේ, නැවත ලිවීමේදී ලිවිය හැක්කේ බයිටයක (1 Byte) ප්‍රමාණයක් වීමයි.මෙය සිදු වන්නේ ඉතා සෙමිනි.මෙහිදී කුඩා ප්‍රමාණයේ දත්ත ප්‍රමාණයක් ලිවීමට වුවද කාලය විශාල වශයෙන් වැයවේ. මෙය අවාසි සහගත තත්වයකි.මීට විසදුමක් ලෙස සැනෙලි චිප නිපදවන ලදී.මෙම වර්ගයේ චිප වල දත්ත නැවත ලිවීමේදී එක වර විශාල කොටස්