Total Pageviews

Popular posts


 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය



ආදි කාලයේ සිටම දත්ත හා තොරතුරු වල වැදගත් කමත් වැටහී තිබූ බවත් තොරතුරු නිර්මාණය කරගැනීම සදහා විවිධ ක්‍රම අනුගමනය කල බවත් නොරහසකි . එය මූලිකවම හස්තීය ලෙස සිදුවිණි. එහිදී , කාලයක්  වැයවීම, කාර්‍යක්ශමතාව අඩු වීම , මානව දෝෂ මත ලැබෙන තොරතුරු ද නිර්වද්‍ය හා විශ්වාසනීය නොවීම, ගබඩා ඉඩකඩ වැයවීම හුවමාරුව ප්‍රමානවත් නොවීම හා දත්ත නොගැළපීම( එනම් එකම දත්ත විවිධ ගොනු වල වෙනස් ආකාරයෙන් පැවතීම මෙහිදී දත්ත යාවත්කාලීනය අපහසු වේ)  ආදී බොහෝ ගැටලු මතුවිය .   මේවාට විසදුමක් ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය උදාවිය.


තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ උදාව. 


කාලයත් සමග දත්ත නිර්මාණය සදහා විවිධ ක්‍රම හා උපකරණ බිහිවෙමින් පැවතුනිව. නමුත් මේවා සන්නිවේදන කාර්ය පමණක් ඉටුකිරීය. . උදා ලෙස. දුරකථනය රේඩියෝ . පසුව චාල්ස් බැබේජ් පරිගණකය නිර්මාණය කිරීමත් සමග මෙම කාර්ය වඩා පහසුවෙන් හා කාර්‍යක්ෂමව සේම නිවරදි හා ගුණාත්මක තොරතුරු නිර්මාණය කර ගැනීමට ද හැකියාව ලැබුණි.  එමෙන්ම තොරතුරු තාක්ෂණය ට සමගාමීව වර්ධනය වෙමින් ආ සන්නිවේදන තාක්ෂණයද මෙයට එකතු විය. මෙය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ බිහිවීම ලෙස සලකයි. 

 

තොරතුරු නිර්මාණය කිරීම , කලමණාකරනය කිරීම, ගබඩා කිරීම හා සන්නිවේදනය කිරීම යන කාර්යයන් ඉටු කරන සියලු තාක්ෂණයන්ගේ එකතුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ලෙස හැදින්වේ. මෙය බිහිවිම, පැවතීම, වර්ධනය සදහා ප්‍රධාන ම සාධකය වන්නේ පරිගණක යයි. 


මේත් සමග මුලු ලෝකයම විශ්ව ගම්මානයක් බවට පත්වෙමින් පවතී. නිමක් නැති සබදතා, අන්තර්ක්‍රියාකරී තාක්ෂණ භාවිතයෙන් තොරතුරු බෙදාහදා ගැනීම, දත්ත වල අසීමිත ප්‍රවේශය, හස්ත මූලික ක්‍රම ජාලගත ක්‍රම මගින්  ඉවත් කිරීමත් නිසා ඉතා වේගයෙන් නිවරදිව පහසුවෙන් පිරිවැය අඩුවෙන් (ගබඩා ඉඩකඩ වැනි) තොරතුරු නිර්මාණය හා සන්නිවේදන හැකියාව උදා කර ඇත. 

යම් මාධ්‍යයක ඇතුළත් කර ඇති තොරතුරු විමසීමේ හැකියාව තොරතුරු සමුද්ධරණය ලෙස හැදින්වේ.අතීතයේදී මේ සඳහා වැඩි කාලයක් හා පිරිවැයක් ගත වන කෑ ගැසිම, තල්පත්,ලිපි,සතුන් යොදා ගැනීම ආදිය භාවිත විණි.නමුත් වර්තමානයේ ඊමේල්, කෙටි පණිවිඩ, වෙබ් අඩවි ආදිය මගින් ඉතාමත් කෙටි කාලයක් තුළ අඩු පිරිවැයක් යටතේ ඔනෑම ස්ථානයක පවත්නා දත්ත හා තොරතුරු වෙත ප්‍රවේශ වී ඒ්වා විමසීමේ හැකියාව ලැබී ඇත.

No comments

ict note in A/L

3/Technology ict note in A/L/post-list